04 July 2025

logo

ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතකට නියෝජිත මන්ත්‍රී මණ්ඩල අනුමැතිය



ජනාධිපති ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක්ද විරුද්ධව ඡන්ද 214ක් ද ලැබුණ බවයි. 

එමෙන්ම මෙම කෙටුම්පත සම්මත වීමත් සමඟ ඇමරිකාවේ මිලියන 12කට සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම පනත් කෙටුම්පතට ඇමරිකානු ජනාධිපතිවරයා අද (04) අත්සන් තැබීමට නියමිතයි. 

(colombotimes.lk)