වන විනාශය හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන යානා මෙහෙයුම් අද සිට (14) ආරම්භ කරන බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ පැවසුවේ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක හතක මෙහෙයුම් ආරම්භ කරන බවයි.
ඒ අනුව රත්නපුර, හම්බන්තොට, අම්පාර, මුලතිව්, මොණරාගල, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඩ්‍රෝන මෙහෙයුම් ආරම්භ වනවා.
මෙම මෙහෙයුම සඳහා විශේෂ පුහුණුවලත් නිලධාරීන් සහ විශේෂ ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි එම මහතා සඳහන් කළේ.
කැලෑ කැපීම, අනවසර වගාව, ගංජා වගාව මෙන්ම වෙනත් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම මෙහෙයුම මඟින් ඉඩ සැලසෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)