විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙලෙස විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (10) පැවත්වීමට නියමිත බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
පානදුර විදුලි ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවූ අතර මේ හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ත්‍රිත්වයද බිඳ වැටීමට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)