11 February 2025


ඇල්ල ඔඩිසි - නානුඔය දුම්රියේ මංගල ගමනට විදේශිකයන් විශාල පිරිසක්



උඩරට මාර්ගයේ අද (10) සිට ඇල්ල ඔඩිසි - නානුඔය නමින් නව දුම්රිය ධාවනය දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙම නව දුම්රිය අඟහරුවාදා දිනවල හැර සෙසු සියලු දිනවල නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතයි.

නානුඔය ඇල්ල ඔඩිසි දුම්රියේ මංගල ගමන අද උදැසන 8.15ට ආරම්භ කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එක්වූ බවයි.
 
එම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇළි ආශ්‍රිතව මන්දගාමී ලෙස දුම්රිය ධාවනය කිරිමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10ක කාලයක් දුම්රිය නතර කිරීමටද දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.





(colombotimes.lk)