04 February 2026

logo

යුක්රේනයෙන් රුසියාවට චෝදනා



රුසියාව නැවත වරක් උතුරු කොරියානු හමුදාව සිය රටට එරෙහිව යුද වැදීම සදහා යොදා ගන්නා බවට යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසනවා.

ඔහු සදහන් කළේ මේ වන විටත් උතුරු කොරියානු සෙබළු වැඩි පිරිසක් සිය හමුදාව විසින් ඝාතනය කර ඇති බවයි.

එමෙන්ම උතුරු කොරියානු සොල්දාදුවන් 11,000ක් පමණ රුසියානු හමුදාව සමඟ එක්වී තිබෙන බවට ඔහු චෝදනා එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙසේ වෙතත් රුසියාව සහ උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොමැති බවයි.

(colombotimes.lk)