04 February 2026

logo

අතුරුදන් වූ ඇලස්කා ගුවන්යානය හමුවෙයි



බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා ගුවන්යානයක සුන්බුන් සොයාගෙන තිබෙනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවයි.

තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ තිබෙන බවට විශ්වාස කරන බව ඔවුන් ප්‍රකාශ කළා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ යානයේ තත්ත්වය හේතුවෙන් දැනට එයට ප්‍රවේශ විය නොහැකි බවයි.

(colombotimes.lk)