කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වැටී තිබී ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් සොයාගෙන තිබෙනවා.
ගමන්මලු පර්යන්තය අසල වැටී තිබුණු එම උණ්ඩය ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවක් විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එය මිලිමීටර 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන බවට තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)