04 July 2025

logo

09වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි



09වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඊයේ (07) රාත්‍රියේ චීනයේදී ආරම්භ කර තිබෙනවා.

මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං හී හාර්බින් ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

09වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු මහාද්වීපය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1270කට වැඩි පිරිසක් එක්ව තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ස්කී ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 දෙනෙක්ද මෙවර තරඟාවලියට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
 
අයිස් හොකී, ස්කේටිං, ස්කීං සහ ස්කී කඳු නැගීම වැනි සාම්ප්‍රදායික ශීත ක්‍රීඩාද සමඟින් ඉසව් 64ක් මෙවර ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි 14වනදා දක්වා මෙහි තරග පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)