10 May 2025


SL Vs AFG | දුෂ්මන්තට තරගාවලිය අහිමි වන ලකුණු



ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී අද (11) පස්වරුවේ පැවැත්වෙනවා.
(colombotimes.lk)