කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ලබන අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
මෙහි මෙහෙයුම් සිදු කිරීම සඳහා සපුරාලිය යුතු කරුණු රජය විසින් පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ගැසට් කළා.
ඊට පෙර සිංගප්පූරුවට අයත් වන් ගෝල්ඩ් ඩියුටි ෆ්‍රී ආයතනය සහ කොළඹ වරාය නගරය තීරු බදු රහිත වෙළඳසැල් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබුවා.