26 December 2024


E 8 වීසා ගිවිසුම් අද නීතිපතිට



විවිධ පාර්ශවවලින් ලැබුණු E 8 වීසා ගිවිසුම් අද (25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ඒ අදාළ ගිවිසුම්වල වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහායි.

E 8 වීසා යනු කෙටිකාලීනව මාස 8ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයක් බව එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළා.  

මේ අතර කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු එහෙත් කොරියාවට යෑමට අවස්ථාව නොලැබුණු පිරිසක් එක්වී සිදු කරන විරෝධතාව අදත් ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහ ව්‍යාපාරය ' E 8 වීසා එකමුතුව නමින් 'අද (25) තුන්වන දිනටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ක්‍රියාත්මක වන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.

(colombotimes.lk)