නැගෙනහිර තායිවානයට ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක් වී තිබෙනවා.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වී ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)