04 July 2025

logo

මෙරට ආර්ථික වර්ධනය ධන අගයකට?



සියලු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එසේ කළහොත් වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් ගනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (12) පස්වරුවේ දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට එක්වෙමින්.

කෙසේ වෙතත් මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2 - 3 අතර අගයක් ගනු ඇති බවට වාර්තා වනවා.
(colombotimes.lk)