විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
මේ වනවිට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ සංඛ්‍යාව 19ක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන කාලය වසර 4ක් දක්වා දීර්ඝ කෙරෙන බව සඳහන්.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බවයි.
එමෙන්ම ඒ තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවකාශය ලබා නොදෙන බවයි ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වූ කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙහි ඉදිරි පියවර ගැනීමට නියමිතයි.
(colombotimes.lk)