අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන පාඨමාලා පිළිබඳ වසර ගණනාවක් තිස්සේ උද්ගතව ඇති ගැටලුකාරි තත්‍ත්වය සහ ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබා ගැනීම සඳහා නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.
එම කමිටුවේ කැඳවුම්කරු ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායකව පත් කර තිබෙනවා.
(colombotimes.lk)