09 March 2025


පොල් හිඟයෙන් පුද්ගලයන් රැසකට රැකියා අහිමි වෙයි



මේ වන විට රටේ පවතින පොල් හිඟය මත දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන රැසක් වැසී ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයන් 450,000කට පමණ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට පොල් ඵලදාවෙන් සැලකිය යුතු කොටසක් අපනයනය කිරීම නිසා එම තත්ත්වයත් මෙම දේශිය පොල්තෙල් නිෂ්පාදනයට බාධාවක් වී තිබෙනවා.

මේ අතර පොල්තෙල් නමින් ආනයනය කරන පාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග සඳහා අත්‍යවශ්‍ය ලේබලය යටතේ වැට් බදු අය නොකරන බවයි වාර්තා වන්නේ.

කර්මාන්තකරුවන් සඳහන් කළේ එසේ තිබියදී දේශීය පොල්තෙල් වෙනුවෙන් 15%ක් වැට් බදු ගෙවීමට සිදුවී තිබීම අසාධාරණයක් බවයි.

(colombotimes.lk)