09 March 2025


ඇල්ෆ්‍රඩ් බ්‍රිස්බන් ආසන්නයට ළඟාවෙයි



ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් පවතින බවයි.

එමෙන්ම සුළගේ වේගයද ඉහළගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලිය ඇණහිට තිබෙන බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්ද නිකුත්කර තිබෙනවා.

කෙසේ වුවද සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර උපරිම සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ක් පමණක් වන බවට පුරෝකතනය කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ වෙරළ තීර ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000ක දඩයක් පැනවීමටත් බලධාරීන් තීරණය කර ඇති බවයි.

(colombotimes.lk)