09 March 2025


යාපනය - තමිල්නාඩු ගමනට ඉන්ඩිගෝ එක්වෙයි



ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කළේ මාර්තු මස 30වනදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි.

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් ප්‍රධානී විනෙයි මල්හෝත්‍රා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම දෙරටේ ආර්ථික වර්ධනයට හේතු වන බවයි.

(colombotimes.lk)