30 April 2025


තීරු බදු සම්බන්ධයෙන් ලංකාව ඇමරිකාව සමඟ එකඟතාවකට?



ඇමරිකාව සමඟ තීරු බදු ගැටලුව සම්බන්ධයෙන් එකඟතාවලට පැමිණීම එම තීරු බදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් රැසක් ඉලක්ක කරමින් විදෙස් ආනයන මත පනවා ඇති තීරු බදු ඉහළ නැංවීමට පසුගියදා පියවර ගත්තා.

එහිදී ඇමරිකාව සමඟ පවතින වෙළෙඳ හිඟය මත පදනම්ව ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පැනවූ අතර පසුව තීරුබදු දින 90ක කාලයක් සඳහා එය අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කළා.

 
(colombotimes.lk)