13 December 2025

logo

රන් මිලෙහි දැවැන්ත වෙනසක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (30) පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 994,670ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (29) සටහන් වුණේ රුපියල් 999,982ක් ලෙසයි.

 එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 257,350ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,170ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,090ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)