30 April 2025


හෝටලයක ඇති වූ ගින්නක් 14කට දිවි අහිමි කරයි



ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 14දෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)