09 May 2025


යළි විදුලි බිල ඉහළට?



නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහායි.

ඒ අනුව අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ ගාස්තු නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇති බවද අදාළ ලිපිය මඟින් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.
(Colombotimes.lk)