19 April 2025


එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්



රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට එළඹිය හැකි බවට පැහැදිලි සලකුණු නොමැති නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව - යුක්‍රේන සාම ගිවිසුමක් සඳහා මැදිහත් වීමට දරන උත්සාහය දින කිහිපයක් ඇතුළත එක්සත් ජනපදය අත්හරිනු ඇති බව ඔහු ප්‍රකාශ කළ බවයි.

(colombotimes.lk)