05 May 2025


සේවක අර්ථසාධක ප්‍රතිලාභ ගෙවීම් පහළට



සේවක අර්ථසාධක අරමුදල විසින් සිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවූ සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය පසුගිය වසරේදී රුපියල් බිලියන 188.1 දක්වා අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව එය සටහන් වන්නේ 12.9%ක අඩුවීමක් ලෙසයි.

මෙම අරමුදල විසින් 2023 වසරේදී සිය සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවා ඇති සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 215.9ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී අරමුදල සඳහා මුළුදායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4 දක්වා 11.3%කින් ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)