15 January 2025


ආනයනික බහාලුම් නිදහස් කිරීම කඩිනම් කරයි



ආනයනික බහාලුම් නිදහස් කිරීම අද (15) සිට කඩිනම් කර සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.

ඔහු සඳහන් කළේ දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් බහාලුම් නියෝජිතයන් සහ ප්‍රවාහන රථ නියෝජිතයන් නිෂ්කාශ​න කටයුතු සඳහා සහභාගීවීම අවම මට්ටමක පැවතීම මඟින් පසුගිය දින කිහිපය තුළ දැඩි තදබදයක් නිර්මාණය වූ බවයි.

සිරවී ඇති බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

(colombotimes.lk)