18 September 2025

logo

වී මිලදී ගැනීම සම්බන්ධව ගොවීන් මැසිවිලි නගයි



තම වී අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇතත්, වී මිලදී ගැනීම සම්බන්ධව රජය කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව ගොවීන් පවසනවා.

එමෙන්ම වී මිල පහළ වැටීමත් සමඟ තම අස්වැන්නට නිසි මිලක් රජය විසින් තීරණය නොකළ හොත් තමන් දැඩි අසීරුතාවයකට පත් වන බවයි ඔවුන් සඳහන් කළේ.

ඔවුන් පවසන්නේ වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 120ක මිලක් හෝ ලැබිය යුතු බවයි.
(colombotimes.lk)