වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබාදෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා තිබෙනවා.
ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි සඳහන් කළේ මේ වන විට වී අස්වැන්න නෙළීම ආරම්භ වුවත් රජය මඟින් වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් ආරම්භ වී නොමැති බවයි.
ඒ අනුව සිය අස්වනු සඳහා සාධාරණ මිලක් හිමි නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)