24 January 2025


රුසියානු නෞකාවක් බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට



මුහුදු සීමාව උල්ලංඝනය කරමින් රුසියානු ඔත්තු බැලීමේ නෞකාවක් බ්‍රිතාන්‍යයට ළඟා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති 2ක් තුළ මෙලෙස බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට පැමිණි දෙවන රුසියානු නෞකාව මෙය බවයි.

බ්‍රිතාන්‍ය මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය සිය මුහුදු සීමාවන්හි ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)