21 January 2025


වී මිලදී ගැනීම ගැන ගොවීන්ගෙන් එකඟතාවක්



මෙවර රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සහතික කරන මිලට රජයේ ගබඩාවලට සැලකිය යුතු වී ප්‍රමාණයක් ලබාදෙන බවට ගොවි නායකයන් එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වී කිලෝ එකක නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කර ගොවීන්ට සාධාරණ වී මිලක් ලබාදෙන බවයි.

ගොවියා අදාළ තෙත බව ඉවත් කර ගබඩාවට ගෙනන වී කිලෝ එකකට අමතරව රුපියල් දෙකක මුදලක් ගෙවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)