අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ප්රතිලාභ ලැබී නැති පුද්ගලයන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ සඳහා විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කළ බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඒවා නැවත වතාවක් නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කර 2024 සඳහා වූ මුදලට වඩා වැඩි මුදලක් 2025 වර්ෂයේදී ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
(colombotimes.lk)