ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මේ වන විටත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇතැම් බදු සහන ලබාදී ඇති බවයි.
උපයන විට ගෙවන බද්ද රුපියල් 150,000 දක්වා වැඩි කිරීම, කිරි ආහාර සඳහා වැට් බද්ද නිදහස් කිරීම සහ පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍යතා ඇති සියලුම දරුවන්ට රුපියල් 6,000ක් ගෙවීම එයට ඇතුළත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළා.
(colombotimes.lk)