ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (13) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වැලිගම පොලිස් වසමේ වැලිගම අකුරැස්ස මාර්ගයේ දෙනිපිටිය හන්දිය ආසන්නයේදීයි.
අනතුරින් යතුරුපදිකාරිය බරපතල තුවාල ලබා වලාන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර අනතුර සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ අනතුරෙන් මියගිය කාන්තාව වයස අවුරුදු 33ක් වන නිදංගල දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
(colombotimes.lk)