13 September 2025

logo

ඊශ්‍රායල - පලස්තීන ගැටලුවට නව යෝජනාවක්



ඊශ්‍රායල - පලස්තීන ගැටලුව සඳහා ද්වි - රාජ්‍යය පිළියමක් ඇති කිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ (12) සම්මත වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා රටවල් 142ක් පක්ෂව ද රටවල් 10ක් විපක්ෂව ද ඡන්දය ලබාදුන් අතර ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 12ක් බවයි. 

ඇමරිකාව සහ ඊශ්‍රායලය යෝජනාවට විපක්ෂව ඡන්දය දුන් රටවල් අතර වනවා. 

සෞදි අරාබිය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් පසුගිය ජූලි මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස පිටු 07කින් සමන්විත මෙම යෝජනාව ඊයේ (12) සම්මත වී තිබෙනවා. 

සැප්තැම්බර් 22වනදා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අතරතුර පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගැනීම සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් සූදානමින් සිටින පසුබිමක මෙම යෝජනාව සම්මත වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ අතර ඊශ්‍රායලය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත කළ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි. 

(colombotimes.lk)