14 September 2025

logo

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසාහි 50ක් ජීවිතක්ෂයට



ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 50දෙනෙක් පමණ ජීවිතක්ෂයට තිබෙනවා.

එමෙන්ම තවත් 6,000ක පමණ පිරිසක් ඒ හේතුවෙන් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේදී ගාසා නගරයෙන් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ නගර වැසියන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් තවමත් ලක්ෂ නවයකට ආසන්න පිරිසක් නගරය තුළ රැඳී සිටිනවා.

(colombotimes.lk)