රුසියානු ඉන්ධන මිලදීගැනීම නවත්වා ලෙසත් යුක්රේන - රුසිය යුද්ධය අවසන් කිරීමට රුසියාවට බලපෑම් කරන ලෙසත් ඉල්ලා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියලුම නේටෝ රටවල් එක්ව එකම දේ සිදු කිරීමට ආරම්භ කළ විට සහ සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදීගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට සූදානම් බව ඇමරිකානු ජනපතිවරයා පවසා ඇති බවයි.
එමෙන්ම රුසියානු යුක්රේන අර්බුධය අවසන් කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් බලපෑම් එල්ල කරන බවද ඇමරිකානු ජනපතිවරයා සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)