කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
එය අද (24) අලුයම 2.45ට පමණ සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 12දෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)