27 December 2024


යුක්‍රේන සහ උතුරු කොරියානු සොල්දාදුවන් අතර ප්‍රථමවරට සටන් ඇරඹෙයි



උතුරු කොරියානු සොල්දාදුවන් 11,000ක් රුසියාවට ගොස් තිබෙනවා.

ඒ රුසියන් යුක්‍රේන යුද්ධයට සම්බන්ධවීමටයි.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය Rustem Umerev විසින් දකුණු කොරියාවේ KBS නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අනාවරණය කළේ යුක්‍රේන හමුදා ප්‍රථමවරට උතුරු කොරියානු සොල්දාදුවන් සමඟ සටන් කරන බවයි.

පසුගිය නොවැම්බර් 4 වනදා සිට උතුරු කොරියානු සොල්දාදුවන් රුසියානු සොල්දාදුවන් සමඟ එකතු වී යුක්‍රේන සොල්දාදුවන් සමඟ සටන් කිරීම ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)