09 May 2025


පාකිස්ථානයේ ගුවන්තොටුපොළක ගින්නක්



පාකිස්ථානයේ ලාහෝර්හී පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපොළේ අද (26) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන්එම ගුවන්තොටුපොළෙන් ආරම්භ කරන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ යොමු කර තිබෙනවා.

පාකිස්ථාන හමුදාවට අයත් ගුවන් යානයක් ගොඩබෑමේදි එහි ටයරයක් ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එමඟින් මෙම ගින්න හට ගෙන ඇති බවට ගුවන් තොටුපොළ බළධාරීන් සැක පළ කර තිබෙනවා.

(colombotimes.lk)