අලුත්ගම ප්‍රදේශයේ නිවසක් සහ ගබඩාවකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලකට අද (18) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ස්වර්ණාභරණ සහ ලී ආභරණ අලෙවි කරන වෙළඳසැළ තුළ ගින්න ඇති වන අවස්ථාවේ එක් සේවකයෙක් පමණක් සිටි බවයි.
අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවත් සිද්ධියෙන් තුවාල හෝ ජීවිත හානි වාර්තා වී නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
රජයේ රස පරීක්ෂක සහ ලංකා විදුලිබල මණ්ඩල (CEB) නිලධාරීන් සමඟ එක්ව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)