26 December 2024


ගිනි අවි ගැන විගණන කටයුතු ඇරඹෙයි



සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විගණනයෙන් පසු හඳුනාගන්නා පුද්ගලයන්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර ගිනි අවි ලබාගෙන ඇති පුද්ගලයන් ඒවා භාරදීම සම්බන්ධයෙන් යොමුකර ඇති අභියාචනා විභාග කිරීමද මේ වන විට සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෛනිකව අභියාචනා 50ක් පමණ සලකා බලන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

(colombotimes.lk)