ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් ඩෙංගු උණ සඳහා පෙත්තක් නිපදවා තිබෙනවා.
එම සමාගම ඉදිරිපත් කරන ලද දත්ත වලට අනුව, එක්සත් ජනපදයේ දී සිදුකළ අත්හදා බැලීමකදී රෝගීන් අතලොස්සක් තුළ ධනාත්මක රෝගය සුව වීමේ තත්ත්වයක් පෙන් වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
වර්ධනය වන රෝග තර්ජනයක් වන ඩෙංගු රෝගය සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති බව චිකාගෝ හි ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමය පවසනවා.
ඒ අනුව එහි වාර්ෂික රැස්වීමේදී මෙම ප්‍රතිකාරවලට අදාළ දත්ත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඩෙංගු උණ, බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර, සමහර රෝගීන් අත්විඳින සන්ධි වේදනාව ේ බරපතලකම සහ කැක්කුම සඳහා 'අස්ථි බිඳීමේ උණ' ලෙසද හැඳින්වෙනවා.
(colombotimes.lk)