10 May 2025


කුසල් ජනිත්ට ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ පළමු තැනක්



ඩුබායි හිදී පැවැත්වෙන 2024 පන්දුවාර 20 - 20 ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ පිතිකරුවන්ගේ ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබෙනවා.

ඔහු තරග 07 කට ක්‍රීඩා කර ලබා ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 266ක්.

එම ලකුණු රැස්කර ගැනීම සඳහා ඔහු විසින් 4 පහර 27ක් සහ 6 පහර 11ක් එල්ල කර තිබෙනවා.

මේ අතර කඩුළු ලාභීන්ගේ ලැයිස්තුවේ සිව් වැනි ස්ථානයට පත් වීමට වනිඳු හසරංග සමත් වුණා.

තරඟ 08ක් ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 12ක්.
(colombotimes.lk)