07 February 2025


ප්‍රථමවරට අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ පූර්ව ඇණවුමක්



2025 වසර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇණවුම් කළ බව සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු කියා සිටියේ ඖෂධ 862ක් සහ ශල්‍ය උපකරණ 5,000කට අධික ප්‍රමාණයක් එලෙස ඇණවුම් කර ඇති බවයි.

එමෙන්ම එවැනි පූර්ව ඇණවුමක් කළ පළමු අවස්ථාවද මෙය වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)