12 March 2025


නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයන් 875ක් අත්අඩංගුවට



නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයන් 875ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704ක් හා නිලධාරීන් දෙදෙනෙක් සිටින බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් සංඛ්‍යාව 73ක් වන බවයි වාර්තා වන්නේ.

ගුවන් හමුදාව නීති විරෝධීව හැර ගිය පුද්ගලයන් 100ක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

(colombotimes.lk)