12 March 2025


අස්වැසුම මාර්තු දීමනාව අද බැංකු ගිණුම් වෙත



2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ රුපියල් 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි.

එමෙන්ම අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)