12 July 2025

logo

පාකිස්ථානයේ ජන ජීවිතයට දැඩි බලපෑම්



පාකිස්ථානය සහ ඉරානය අතර ප්‍රධාන මාර්ගය වන N-40 ජාතික අධිවේගී මාර්ගය අඛණ්ඩව වසා දැමීම හමුවේ පාකිස්ථාන ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්ගය වසා දැමීම ඉරානය සමඟ පාකිස්ථානයේ ගොඩබිම් සම්බන්ධතාවයට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල LPG ගෑස් සැපයුමද අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම දෙරට අතර පවතින ආතතීන් හේතුවෙන් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාවද වසා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

ආගමන බලධාරීන් පෙන්වා දෙන්නේ දිනකට 10,000කට ආසන්න පිරිසක් Torkham දේශ සීමාව හරහා ගමන් කරන බවයි.

(colombotimes.lk)