12 July 2025

logo

ග්වාතමාලාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි



ඇමෙරිකාවේ ග්වාතමාලාහී ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලධාරීන් පවුල් 300කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර ඇති අතර ප්‍රදේශයේ තවත් 30,000ක් පමණ අවදානමට ලක්විය හැකි බවයි.
 
එහි පිපිරීම ඊයේ (10) ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තාවක් නොමැති බවයි.

අඩි 12,300 (මීටර් 3,763) උස මෙම ගිනි කන්ද මධ්‍යම ඇමරිකාවේ වඩාත් ක්‍රියාකාරී ගිනි කන්දක් වන අතර එය අවසන් වරට පුපුරා ගියේ 2023 ජුනි මාසයේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
(colombotimes.lk)