අගමැතිනිය ඇතුළු මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් සමාජ මාධ්‍යයේ පළවී ඇති බවට පැවසෙන ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ දැන්වීම් අසත්‍ය බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මෙම වංචනික දැන්වීම් හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්.
මෙලෙස ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීම පිටුපස විදේශීය ආයතන සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමීම මෙහි අරමුණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස රජයේ නිලධාරීන්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුමැතිය ඇති බවට පවසන මෙම ක්‍රිප්ටෝ මුදල් අයෝජන දැන්වීම්වලින් අතිශය ප්‍රවේශම් වන ලෙස අගමැති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)