ලබන මාසයේ සිට අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ ආහාර දීමනාව රුපියල් 8,000 කින් ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙයට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බවයි.
(colombotimes.lk)