30 July 2025

logo

හිටපු DIG ප්‍රියන්ත ජයකොඩි අද අධිකරණයට



හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)